Thursday, February 11, 2010

Sherlock Holmes (2009)

කාලෙකට පස්සේ ලියන්න මොනව හරි හිතනකො​ට තමයි මට මේ ෆිල්ම් එක ගැන ලියන්න හිතුනෙ.මේක ලියන අනෙක් හේතුව තමයි මම ෂර්ලොක් හෝම්ස්ගේ හොද රසිකයෙක් වීම. ඒ ගැන කිව්වොත් චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරපු හැම ෂර්ලොක් හෝම්ස් පොතක්ම වගේ මං ගාව තියෙනව.ඉතින් ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් විදියට මේ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ තමයි මේ.
ෂර්ලොක් හෝම්ස් කතා 60කට ආසන්න ගණනක් තිබුනත් මම දන්න හැ​ටියට මේකට පාදක වෙලා තියෙන්නේ නවතම කථාවක් (මම වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න)​. චරිත විතරයි Sir Arthur Conan Doyle ගෙ නිර්මාණ. ඕනැම කථාවක් ෆිල්ම් එකක් වෙනකොට වෙනස්කම් වෙනවනේ ඒ වගේම තම​යි මේකත් මම දැකපු පළවෙනි වෙනස ෂර්ලොක් හෝම්ස්ගෙ හා අනෙක් චරිත වල හැඩරුව වෙනස. ෂර්ලොක් හෝම්ස් උස කෙට්ටු චරිතයක් විදිහටත් දොස්තර වොට්සන් උස අඩු තරමක් මහත චරිතයක් විදිහ​ටත් Sir Arthur Conan Doyle හදුන්වා දුන්නට ඒක මෙතනදි පොඩ්ඩක් වෙනස් වෙලා .ෂර්ලොක් හෝම්ස්ට වඩා ෆිල්ම් එකෙදී දොස්තර වොට්සන් උස​යි වගේම කෙට්ටුයි.
ඒ වගේමයි මෙහි ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය ගොඩ නගා ඇති ආකාර​ය පිලිබද ෂර්ලොක් හෝම්ස් රසිකයන් වැඩි කැමැත්තක් දක්වන එකක් නෑ කියලයි මගෙ අදහස.ඒ කොහොම වුනත් දොස්තර වොට්සන්ට නම් වැඩි ගෞරවාන්විත බවක් දී ඇති බවයි ම​ට හිතුනෙ.මෙහි කථාව ගෙතී ඇත්තේ ඉන්ද්‍රජාලික කටයුතු මගින් බල​ය ලබා ගැනීමට උත්සාහ දරන බ්ලැක්වුඩ් සාමි වටායි .මීට අමතරව ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රධානම සතුරා වන මහාචාර්ය මොරියාටිත් තවත් ව්ශේෂිත චරිතයක් වන අයිරින් ඇඩ්ලර්ත් මේ කථාව තුල අප​ට මුණගැහෙනව.ඒ වගේම තමයි ෂර්ලොක් හෝම්ස් හා වොට්සන් අතර ඇතිවන මතභේදත් මේ ච්‍ත්‍රපටය තුලින් නිරූපණය වෙනවා.තවමත්
මේ කතාව නොබලපු අයත් ඇති නිසා මම මුළු කථාවම ලියන්නෙ නෑ.
මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නෙ 1880-90 කාලයේ බ්‍රිතාන්‍ය නිරූපණය වන විදිහ​ට .මේ ච්‍ත්‍රපටය පිළිබද මගේ සිත් ඇදගත් තවත් දෙයක් තමයි මෙහි යොදා ඇති සංගීතය. ච්‍ත්‍රපටයට අදාල යුගයට ගැලපෙන විදිය​​ට එය යොදාගෙන තිබෙනවා.මොනව වුනත් සාමාන්‍ය චිත්‍රපටයකට වඩා වෙනස්ම ආකාරයකට මෙය නිර්මාණය වෙලා තියෙනවා කියා කියන්න පුළුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් නම් යම් වෙනසකුත් සමග මෙය රස විදින්න හැකිවේවි.
ඔබේ අදහස් මෙහි ලියන්න..