කාලෙකට පස්සේ ලියන්න මොනව හරි හිතනකොට තමයි මට මේ ෆිල්ම් එක ගැන ලියන්න හිතුනෙ.මේක ලියන අනෙක් හේතුව තමයි මම ෂර්ලොක් හෝම්ස්ගේ හොද රසිකයෙක් වීම. ඒ ගැන කිව්වොත් චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරපු හැම ෂර්ලොක් හෝම්ස් පොතක්ම වගේ මං ගාව තියෙනව.ඉතින් ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් විදියට මේ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ තමයි මේ.
ෂර්ලොක් හෝම්ස් කතා 60කට ආසන්න ගණනක් තිබුනත් මම දන්න හැටියට මේකට පාදක වෙලා තියෙන්නේ නවතම කථාවක් (මම වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න). චරිත විතරයි Sir Arthur Conan Doyle ගෙ නිර්මාණ. ඕනැම කථාවක් ෆිල්ම් එකක් වෙනකොට වෙනස්කම් වෙනවනේ ඒ වගේම තමයි මේකත් මම දැකපු පළවෙනි වෙනස ෂර්ලොක් හෝම්ස්ගෙ හා අනෙක් චරිත වල හැඩරුව වෙනස. ෂර්ලොක් හෝම්ස් උස කෙට්ටු චරිතයක් විදිහටත් දොස්තර වොට්සන් උස අඩු තරමක් මහත චරිතයක් විදිහටත් Sir Arthur Conan Doyle හදුන්වා දුන්නට ඒක මෙතනදි පොඩ්ඩක් වෙනස් වෙලා .ෂර්ලොක් හෝම්ස්ට වඩා ෆිල්ම් එකෙදී දොස්තර වොට්සන් උසයි වගේම කෙට්ටුයි.
ඒ වගේමයි මෙහි ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය ගොඩ නගා ඇති ආකාරය පිලිබද ෂර්ලොක් හෝම්ස් රසිකයන් වැඩි කැමැත්තක් දක්වන එකක් නෑ කියලයි මගෙ අදහස.ඒ කොහොම වුනත් දොස්තර වොට්සන්ට නම් වැඩි ගෞරවාන්විත බවක් දී ඇති බවයි මට හිතුනෙ.මෙහි කථාව ගෙතී ඇත්තේ ඉන්ද්‍රජාලික කටයුතු මගින් බලය ලබා ගැනීමට උත්සාහ දරන බ්ලැක්වුඩ් සාමි වටායි .මීට අමතරව ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රධානම සතුරා වන මහාචාර්ය මොරියාටිත් තවත් ව්ශේෂිත චරිතයක් වන අයිරින් ඇඩ්ලර්ත් මේ කථාව තුල අපට මුණගැහෙනව.ඒ වගේම තමයි ෂර්ලොක් හෝම්ස් හා වොට්සන් අතර ඇතිවන මතභේදත් මේ ච්‍ත්‍රපටය තුලින් නිරූපණය වෙනවා.තවමත්
මේ කතාව නොබලපු අයත් ඇති නිසා මම මුළු කථාවම ලියන්නෙ නෑ.
මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නෙ 1880-90 කාලයේ බ්‍රිතාන්‍ය නිරූපණය වන විදිහට .මේ ච්‍ත්‍රපටය පිළිබද මගේ සිත් ඇදගත් තවත් දෙයක් තමයි මෙහි යොදා ඇති සංගීතය. ච්‍ත්‍රපටයට අදාල යුගයට ගැලපෙන විදියට එය යොදාගෙන තිබෙනවා.මොනව වුනත් සාමාන්‍ය චිත්‍රපටයකට වඩා වෙනස්ම ආකාරයකට මෙය නිර්මාණය වෙලා තියෙනවා කියා කියන්න පුළුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් නම් යම් වෙනසකුත් සමග මෙය රස විදින්න හැකිවේවි.
ඔබේ අදහස් මෙහි ලියන්න..
Thursday, February 11, 2010
Saturday, January 30, 2010
ආයුබෝවන් - Welcome
මීට පැය 24කට කලින් නම් මේ blog එක ලියනවා කියලා කිසිම අදහසක් මගේ හිතේ තිබුනේ නෑ !
ඒත් ජීවිතය පුදුමාකාරයි.හිතේ කොතන හරි තිබුන බලාපොරොත්තුවක් අපි නොසිතපු වෙලාවක ඉටුකරගන්න හිතෙනවා.මේකත් ඒවගේ එකක් වෙන්න ඇති !
කොහොම කොහොම හරි අද මේ Blog එක පටන් ගත්තා.පටන් ගත්තට මොකද තාම සිංහල ටයිපින් නම් බැහැ ! ඇත්තම කියනව නම් මම සිංහල ටයිප් කරන පලවෙනි වතාව මේ.තාම අකුරෙන් අකුර අමුණ අමුණ තමයි මේ ටිකත් ලියා ගත්තේ.
ඒ වුනත් මම කොහොම හරි ඒ වැඩෙත් කළා ! (මට පොඩි ළමයි ඇව්දින්න උත්සාහ කරන හැටි මතක් වුනා)
ඒ කතා මොනව වුනත් මේ තමයි "මගේ ලෝකය - තිලාන්ගේ ලෝකය".
මට හිතෙන මට දැනෙන දේ මම මෙතන ලියනවා.හැබැයි දේශපාලනය නැතිව !(මටත් දේශපාලන මතවාද පක්ෂ තියෙනවා.හැබැයි ඒවායින් මේ Blog එක අපිරිසිදු කරන්න මම කැමති නැහැ)
මේ ටික ටයිප් කරන්නත් මට සෑහෙන වෙලාවක් ගියා.ඒත් පොඩි දියුණුවක් තියෙනවා.පළවෙනි දවස හැටියට මේ ඇති.
ඉතින් එහෙනම් ජාති භේද ආගම් භේද දේශපාලනය නැති "තිලාන්ගේ ලෝකය" ට ඔබ සැමට ආරාධනා !
Subscribe to:
Posts (Atom)