Saturday, January 30, 2010

​ආයුබෝවන් - Welcome


මීට පැය 24ක​ට කලින් නම් ​මේ blog එක ලි​යනවා කි​යලා කිසිම අදහ​​සක් මගේ හිතේ තිබුනේ නෑ !
ඒත් ජීවිතය පුදුමාකාරයි.හිතේ කොතන හරි තිබුන බලාපොරොත්තුවක් අපි නොසිතපු වෙලාවක ඉටුකරගන්න හිතෙනවා.මේකත් ඒවගේ එකක් වෙන්න ඇති !
කොහොම කොහොම හරි අද මේ Blog එක පටන් ගත්තා.පටන් ගත්තට මොකද තාම සිංහල ට​යිපින් නම් බැහැ ! ඇත්තම කියනව නම් මම සිංහල ට​යිප් කරන පලවෙනි ​වතාව මේ.තාම අකුරෙන් අකුර අමුණ අමුණ තමයි මේ ටිකත් ලි​​යා ගත්තේ.
ඒ වුනත් මම කොහොම හරි ඒ වැඩෙත් කළා ! (ම​ට පොඩි ළමයි ඇව්දින්න උත්සාහ කරන හැටි මතක් වුනා)
ඒ කතා මොනව වුනත් මේ තම​යි "මගේ ලෝකය - තිලාන්ගේ ලෝකය".
මට හිතෙන මට දැනෙන දේ මම මෙතන ලියනවා.හැබැයි දේශපාලනය නැතිව !(මටත් දේශපාලන මතවාද පක්ෂ තියෙනවා.හැබැයි ඒවායින් මේ Blog එක අපිරිසිදු කරන්න මම කැමති නැහැ)
මේ ටික ටයිප් කරන්නත් මට සෑහෙන වෙලාවක් ගියා.ඒත් පොඩි දියුණුවක් තියෙනවා.පළවෙනි දවස හැටියට මේ ඇති.
ඉතින් එහෙනම් ජාති භේද ආගම් භේද ​​දේශපාලනය නැති "තිලාන්ගේ ලෝක​ය" ට ඔබ සැමට ආරාධනා !