
මීට පැය 24කට කලින් නම් මේ blog එක ලියනවා කියලා කිසිම අදහසක් මගේ හිතේ තිබුනේ නෑ !
ඒත් ජීවිතය පුදුමාකාරයි.හිතේ කොතන හරි තිබුන බලාපොරොත්තුවක් අපි නොසිතපු වෙලාවක ඉටුකරගන්න හිතෙනවා.මේකත් ඒවගේ එකක් වෙන්න ඇති !
කොහොම කොහොම හරි අද මේ Blog එක පටන් ගත්තා.පටන් ගත්තට මොකද තාම සිංහල ටයිපින් නම් බැහැ ! ඇත්තම කියනව නම් මම සිංහල ටයිප් කරන පලවෙනි වතාව මේ.තාම අකුරෙන් අකුර අමුණ අමුණ තමයි මේ ටිකත් ලියා ගත්තේ.
ඒ වුනත් මම කොහොම හරි ඒ වැඩෙත් කළා ! (මට පොඩි ළමයි ඇව්දින්න උත්සාහ කරන හැටි මතක් වුනා)
ඒ කතා මොනව වුනත් මේ තමයි "මගේ ලෝකය - තිලාන්ගේ ලෝකය".
මට හිතෙන මට දැනෙන දේ මම මෙතන ලියනවා.හැබැයි දේශපාලනය නැතිව !(මටත් දේශපාලන මතවාද පක්ෂ තියෙනවා.හැබැයි ඒවායින් මේ Blog එක අපිරිසිදු කරන්න මම කැමති නැහැ)
මේ ටික ටයිප් කරන්නත් මට සෑහෙන වෙලාවක් ගියා.ඒත් පොඩි දියුණුවක් තියෙනවා.පළවෙනි දවස හැටියට මේ ඇති.
ඉතින් එහෙනම් ජාති භේද ආගම් භේද දේශපාලනය නැති "තිලාන්ගේ ලෝකය" ට ඔබ සැමට ආරාධනා !
නියමයි මචන්. මගෙන් උනුසුම් සුභ පැතුම්.
ReplyDeleteසිංහල ටයිප් කරන්න මේ ලින්ක් එක පාවිච්චි කරන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
බ්ලොග් එක සින්ඩිකේටර් එකටත් දාන්න.
please remove word verification
ස්තූතියි දිරිමත් කිරීමට !!
ReplyDeleteසිංහල ටයිප් කරන්න මම පාවිච්චි කරන්නේ qsFOX add on එක.
ඒක හදපු කෙනාට මගේ ස්තූතිය !
සින්ඩිකේටර් එක කිව්වෙ මොකක්ද ?
මේ වෙබ්සයිට් එකෙන් සින්ඩිකේටරය ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන්
ReplyDeletehttp://www.sinhalabloggers.com/