Thursday, February 11, 2010

Sherlock Holmes (2009)

කාලෙකට පස්සේ ලියන්න මොනව හරි හිතනකො​ට තමයි මට මේ ෆිල්ම් එක ගැන ලියන්න හිතුනෙ.මේක ලියන අනෙක් හේතුව තමයි මම ෂර්ලොක් හෝම්ස්ගේ හොද රසිකයෙක් වීම. ඒ ගැන කිව්වොත් චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරපු හැම ෂර්ලොක් හෝම්ස් පොතක්ම වගේ මං ගාව තියෙනව.ඉතින් ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් විදියට මේ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ තමයි මේ.
ෂර්ලොක් හෝම්ස් කතා 60කට ආසන්න ගණනක් තිබුනත් මම දන්න හැ​ටියට මේකට පාදක වෙලා තියෙන්නේ නවතම කථාවක් (මම වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න)​. චරිත විතරයි Sir Arthur Conan Doyle ගෙ නිර්මාණ. ඕනැම කථාවක් ෆිල්ම් එකක් වෙනකොට වෙනස්කම් වෙනවනේ ඒ වගේම තම​යි මේකත් මම දැකපු පළවෙනි වෙනස ෂර්ලොක් හෝම්ස්ගෙ හා අනෙක් චරිත වල හැඩරුව වෙනස. ෂර්ලොක් හෝම්ස් උස කෙට්ටු චරිතයක් විදිහටත් දොස්තර වොට්සන් උස අඩු තරමක් මහත චරිතයක් විදිහ​ටත් Sir Arthur Conan Doyle හදුන්වා දුන්නට ඒක මෙතනදි පොඩ්ඩක් වෙනස් වෙලා .ෂර්ලොක් හෝම්ස්ට වඩා ෆිල්ම් එකෙදී දොස්තර වොට්සන් උස​යි වගේම කෙට්ටුයි.
ඒ වගේමයි මෙහි ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය ගොඩ නගා ඇති ආකාර​ය පිලිබද ෂර්ලොක් හෝම්ස් රසිකයන් වැඩි කැමැත්තක් දක්වන එකක් නෑ කියලයි මගෙ අදහස.ඒ කොහොම වුනත් දොස්තර වොට්සන්ට නම් වැඩි ගෞරවාන්විත බවක් දී ඇති බවයි ම​ට හිතුනෙ.මෙහි කථාව ගෙතී ඇත්තේ ඉන්ද්‍රජාලික කටයුතු මගින් බල​ය ලබා ගැනීමට උත්සාහ දරන බ්ලැක්වුඩ් සාමි වටායි .මීට අමතරව ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රධානම සතුරා වන මහාචාර්ය මොරියාටිත් තවත් ව්ශේෂිත චරිතයක් වන අයිරින් ඇඩ්ලර්ත් මේ කථාව තුල අප​ට මුණගැහෙනව.ඒ වගේම තමයි ෂර්ලොක් හෝම්ස් හා වොට්සන් අතර ඇතිවන මතභේදත් මේ ච්‍ත්‍රපටය තුලින් නිරූපණය වෙනවා.තවමත්
මේ කතාව නොබලපු අයත් ඇති නිසා මම මුළු කථාවම ලියන්නෙ නෑ.
මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නෙ 1880-90 කාලයේ බ්‍රිතාන්‍ය නිරූපණය වන විදිහ​ට .මේ ච්‍ත්‍රපටය පිළිබද මගේ සිත් ඇදගත් තවත් දෙයක් තමයි මෙහි යොදා ඇති සංගීතය. ච්‍ත්‍රපටයට අදාල යුගයට ගැලපෙන විදිය​​ට එය යොදාගෙන තිබෙනවා.මොනව වුනත් සාමාන්‍ය චිත්‍රපටයකට වඩා වෙනස්ම ආකාරයකට මෙය නිර්මාණය වෙලා තියෙනවා කියා කියන්න පුළුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් නම් යම් වෙනසකුත් සමග මෙය රස විදින්න හැකිවේවි.
ඔබේ අදහස් මෙහි ලියන්න..

7 comments:

  1. මම ඕකට නඩු දාන්න හිටියෙ...........

    ReplyDelete
  2. මමත් ෂර්ලොක් හොම්ස්ගේ කතා ඔක්කොම වගේ කියවලා තියනවා. හිතේ ඇඳිල තියන හෝම්ස්ගේ චරිතෙට ෆිල්ම් එකේ චරිතේ ගැලපෙන්නේ නැතිවෙයි වගේ නේද? කෝකටත් ෆිල්ම් එක බලලම හොඳ නරක කියන්නම්කෝ.

    ReplyDelete
  3. @සහන්
    මාත් දෙනව සපෝට් එක.....
    @දසයා
    හොද වෙලාවට කථා ඔක්කොම කියවලා තිබුනෙ.නැත්නම් පොත් කියවන එකත් එපා වෙන්න තිබුනා.

    ReplyDelete
  4. චාටර් ෂර්ලොක් හොම්ස්ව සම්පුර්ණයෙන්ම විකුති කරලා ,අනිත් එක මේක බලාගෙන යද්දි පෙනෙවි මෙතන අන්තිමට වීරයා වුනේ අයිරින් ඇඩ්ලර් ,බොහොමියා රජාගේ පලහිලවෙන් පස්සෙ අයිරින් ඇඩ්ලර් රට පැන්නා මතකද ඉතින් ආයි ඒ ගෑණි ව ගත්තෙ මොන මගුලකටද ,මේක ෂර්ලොක් හොම්ස්ගේ පරික්ෂණය ,ඇත්ත මෙකෙ සංගීතය ,පසුතල දර්ශණ ,කාලයට අනුගතවීම ,සමකාලීන සිදුවීම් (පාලම හදන එක වගේ),මිනිසුන් ගේ හැසිරීම් වගේ ඒවා ඉතා විශිෂ්ඨ මට්ටමෙන් තියෙනවා ඒ වුනත් මම දකින්නෙ චරිත කතාවට රිංගවා ගැනිමේදි අඩුපාඩුවක් කර ඇති බවයි ,මගෙ අදහසට අනුව ඔය අයිරින් ඇඩ්ලර්ව යොදා ගැනීම මගින් බටහිරයන් කර ඇත්තෙ ස්ත්‍රී පුරුෂ සාමනාත්ව බාවය චිතරපටිය තුළ තුලනය කිරීමයි නමුත් ඇත්ත වශයෙන් ගත්කළ හොම්ස් චරිතය තමන්ගෙ පරික්ෂණයකට වොට්සන් ඇරුනු කළ පිටස්තරයන් සහබාගී කරගත්තෙ බොහොම අඩුවෙන් ඒක වුනත් පරික්ෂණයේ බොහොම සුලු තැනකදි.

    ReplyDelete
  5. now Hollywood is sucks
    so I suggest to watch Europeans and Asian movies
    Hollywood ruins everything when they make a movie
    I hope they won't make a movie about Srilanka cause if so that would be sucks too cause they will ruin that what they have done to other things

    ReplyDelete
  6. they are going to make the Sherlock Holmes 2 soon omg Sherlock Holmes will be totally screwed after that .I only find out spielberg's movies and good maybe if he can produce that ,that would be realistic and fine

    ReplyDelete